දේශීය

බලපිටිය – ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවතට

(UTV | කොළඹ) –  අතිකාල ප්‍රශ්නයක් මුල් කරගෙන බලපිටිය හා ඇල්පිටිය රෝහල් දෙකේ කනිෂ්ඨ කාර්යමණ්ඩල අද (23) ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්වී ඇත.

මේ හේතුවෙන් එම රෝහල් දෙකේ දෛනික කටයුතුවලට දැඩි බලපැමක් එල්ලවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ රෝහල් දෙකේ උපස්ථායක ,උපස්ථායිකා ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලට අප්‍රේල් හා මැයි මස අතිකාල නොදුන් නිසා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ .

මේ ප්‍රශ්නයට අද (23) විසඳුමක් නොලබැණහොත් හෙට (24) දිනයේත් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

Related posts

වැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Editor O

විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද අලුයම දිවයිනට

Mohamed Dilsad

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

Leave a Comment