දේශීයප්‍රමුඛ පුවත 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද (23) දිනයේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.30 ට ඔවුන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව කොමිසම මඟින් සිදුකෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් පසුගියදා නම් කරනු ලැබීය.

Related posts

කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරයි..

Mohamed Dilsad

බි‍්‍රතාන්‍යයේ සංචාරකයන්ට මෙරටට එන්න අවසර

Mohamed Dilsad

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment