දේශීය

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකු වැඩ තහනමට ලක් කෙරේ

(UTV |කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

ඒ එම බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පතක් ලබාදීමේ සිද්ධියකට අදාළවය.

අප කල විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය පැවසුවේ මෙලෙස සේවය අත්හිටවනු ලැබුවේ බන්ධනාගාරයේ ආපනශාලාව භාර නියාමකවරයාගේ බවයි.

මොහු මීට පෙර ද මෙලෙසම රැඳවියන්ට ජංගම දුරකථනයක් ලබාදී ඇති බවට අනාවරණ විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප

Mohamed Dilsad

පනත් කෙටුම්පත් දෙකක් සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් නම්කරයි

Editor O

බදු ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්කම්

Mohamed Dilsad

Leave a Comment