දේශීය

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්

(UTV | කොළඹ ) – අද (22) මාස 3කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 5000සේ සීමාව ඉක්මවා  ගොස් තිබේ.

කොවිඩ් -19 ගෝලීය වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර වී තිබූ කොටස් වෙළඳපොළ ගනුදෙනු යළි ආරම්භ වීමෙන් පසු එහි ප්‍රකෘතිමත්වීමක් මෙමගින් සලකුණු කෙරේ.

සමස්ත දර්ශකය දිනය අවසන දී ඒකක 65කින් ඉහළ ගොස් 5055.57ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.31ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

කොටස් වෙළදපොළ ප්‍රධානතම සමාගම් විස්ස නියෝජනය කරන එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.81කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව සියයට 3.24ක වර්ධනයක් සලකුණු කරමින් එය දිනය අවසන දී සටහන් වූයේ 2226.34ක් ලෙසයි.

කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ඉක්ම විය.

Related posts

CID යට නව අධ්‍යක්ෂවරයෙක්

Mohamed Dilsad

සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන්

Mohamed Dilsad

රනිල්, රට හදන්න වෙච්ච මහන්සිය ගැන එජාප සභාපති වජිර කියයි

Editor O

Leave a Comment