දේශීය

හිටපු මුදල් ඇමති මහ බැංකු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටී[LETTER]

(UTV |කොළඹ) -ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු නිලධාරීන්ට කළ චෝදනාවල කිසිදු පදනමක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මංගල සමරවීර මහතා ඊයේ (21) මුදල් අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුධයන් සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පැවරීමේදී ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැඩි ලෙස හෙලා දකින බව එහි සඳහන් වේ.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්, මහ බැංකුව සහ භාණ්ඩාගාරය ඔබේ භාරයට යටත් වේ. ව්‍යවස්ථානුකූලව, ඔබ අපේ රටේ ආර්ථිකයේ අධිකාරීවරයාය.

අපේ රජයක් යටතේ දශක හතක දීර්ඝ ඉතිහාසය තුළ කිසි දිනෙක රජය හෝ විපක්ෂය, මහ බැංකුවට මෙවැනි ආකාරයකින් කතා කර නොමැති බව පෙන්වා දී ඇත.

එම ලිපිය පහත දැක්වේ.

Related posts

ආයුර්වේද පනත ට දුන් තීන්දුව කථානායකට

Mohamed Dilsad

රංජන්ගේ හඩපට අතුරින් 19 ක් සංස්කරණය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සඳහා බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට රජය සූදානම්

Mohamed Dilsad

Leave a Comment