කලා

මාධ්‍යවේදියෙකුගේ භූමිකාවෙන් ශාරුක් යළිත් සිනමාවට

(UTV | ඉන්දියාව) – බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් වසර දෙකකට පසුව නැවතත් බොලිවුඩ් සිනමාවට පැමිණීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

මීට වසර දෙකකට පෙර එනම් 2018 වර්ෂයේ දී තිරගත වූ ආනන්ද එල්. රායිගේ ‘සීරෝ’චිත්‍රපටයෙන් පසුව ෂාරුක් ඛාන්ව බොලිවුඩ් සිනමාව තුළ දක්නට ලැබුනේ නැත.

විද්‍යාඥයෙකු වූ නම්බි නාරයන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන’රොකට්‍රි’චිත්‍රපටය හරහා යළිත් වරක් ඔහු සිනමාවට අවතීර්ණ වීමට නියමිතය.

මෙම චිත්‍රපටය දමිල සිනමා නළුවෙකු වු ආර්. මාධවන්ගේ චිත්‍රපටයක් වන අතර, ෂාරුක් එහි මාධ්‍යවේදියෙකු ලෙස රංගනයෙන් දායක වන බව වාර්තා වෙයි.

රන්බිර්, අමිතාබ් හා ආලියා රඟන ‘බ්‍රහ්මාස්ටර්’චිත්‍රපටයේද ආරාධිත චරිතයක් තුළින් ෂාරුක් සිය රසික පිරිස් අතරට පැමිණිමටද සූදානමින් සිටියි.

Related posts

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත්…

Mohamed Dilsad

රඟපෑම් යළි ඇරඹේ

Mohamed Dilsad

ෂාරුක්ගේ නවතම චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment