කලා

ෂාරුක්ගේ නවතම චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාරයක්

(උදයම්,ඉන්දියාව) –  ෂාරුක් ඛාන් සිය රංගනයෙන් දායක වන ‘රයීස්’ චිත්‍රපටය හෙට තිරගත වීමට නියමිතය.

එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයේ youtube හරහා මේ වන විට නැරඹුම් මිලියන 41 ඉක්මවා ගොස් ඇති බව වර්තාවේ.

පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය අන්තර්ජාලයට නිකුත් කර පැය 20ක් යන්නට මත්තෙන් මිලියන 10කට අධික පිරිසක් එය නරඹා තිබේ.

ඉතා කෙටි කාලයකින් අන්තර්ජාලය හරහා වැඩිම පිරිසක් නැරඹු පූර්ව ප්‍රචාරක ඉන්දියානු චිත්‍රපටය ලෙස සිනමා විචාරකයන් මෙය හඳුන්වනු ලබයි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ෂාරුක් ඛාන් ප්‍රමුඛ මහිරා ඛාන්, නවාසුදීන් සිදීකී සහ සනී ලියෝන් රඟපානු ලබයි. රාහුල් දොලාකීයා අධ්‍යක්ෂණයෙන් ද රිතෙෂ් සිද්දවානි, ගෞරි ඛාන් සහ ෆරහන් අක්තාර් නිෂ්පාදන දායකත්වය මෙම චිත්‍රපටයට ලබා දී ඇත.

 

Related posts

‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

‘කැප්ටන් මාවල්’ දින 3කින් මිලියන 100ක් උපයයි.

Mohamed Dilsad

‘ජැක්සන් සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරනවා’

Mohamed Dilsad

Leave a Comment