කලා

සුරූපී කොලිවුඩ් නිළි ට්‍රිශා ක්‍රිෂ්නාන් මිය ගිය බවට ප්‍රචාරයක්

දකුණු ඉන්දීය සුරූපී නිළියක් වන Trisha Krishnan මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක් දකුණු ඉන්දියාව පුරා පැතිරී ගොස්  තිබේ.

කිසියම් පිරිසක් ඇය මිය ගිය බවට ප්‍රචාරය කරමින් දැන්වීම් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුරා බෙදා හැර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ඉන්දියාවේ පවත්වන කුලප්පු වූ ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාවට (jallikattu) විරුද්ධව අදහස් පල කිරීම හේතුවෙන් ඇයට එරෙහිව මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවට  වාර්තා වුණි.

එම ක්‍රීඩාවට ඇල්මක් දක්වන කිසියම් සංවිධානාත්මක පිරිසක් Trisha Krishnan මියගිය බවට  ප්‍රචාරය කරමින් මෙලෙස දැන්වීම් බෙදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අදාල දැන්වීමේ මැය HIV ඒඩ්ස් රෝගය වැළදී මිය ගිය බවට දක්වා ඇති අතර මෙම දැන්වීම් දුටු ඇයගේ රසික රසිකාවියන් කලබලයට පත්වූ බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණයකඩ ආරම්භ කරා තිබේ.

Related posts

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

‘ජංගි හොරා’ ළඟදීම…

Mohamed Dilsad

නළු ආර්යා අලුත උපන් දරුවාට නම් තියෙලා

Mohamed Dilsad

Leave a Comment