කලා

‘ජංගි හොරා’ ළඟදීම…

(UTV | කොළඹ) – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගේ දහවන සිනමා නිර්මාණය, Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පහුගිය දවස් වල ලංකාවේ Social media වල වෙනමම කතාබහක් ඇති කරන්නත් මේ Movie trailer එක සමත් වුනා. විශේෂයෙන්ම චිත්‍රපටයේ නම නිසාම මේ කතාබහ අතුවී තිබුනා.

අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක විසින්ම චිත්‍රපටයේ තිර පිටපත ද රචනා කර තිබෙන අතර නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන්. කැමරා අධ්‍යක්ෂණය හසුරුවන්නේ විශ්වා බාලසූරියයි. Underpants Thief සංස්කරණය අජිත් රාමනායක විසින්. පුබුදු චතුරංග සමග දිල්හානි ඒකනායක චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක්ව සිටිනවා. මීට අමතරව චින්තක කුලතුංග, බුද්ධි රන්දෙණිය සහ තුමිඳු දොඩන්තැන්න ආදී ශිල්පීන් රැසක් Underpants Thief තුළින් ඔබට දැකගත හැකියි.

මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක් සහ ඔහුගේ සහෝදරයාගේ බිරිඳ අතර සිදුවන සිද්ධි දාමයක් මුල් කරගෙන ගොඩ නැඟෙන මේ සිනමාපටය සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ විසිනුයි. ශශිකා නිසංසලා සහ හර්ෂණ දිසානායකගේ ගීත කිහිපයක් Underpants Thief චිත්‍රපටයේ අඩංගු වනවා.

සෝමරත්න දිසානායකගේ හුරුපුරුදු චිත්‍රපට ශෛලියෙන් බැහැර වූවක් නිසාම සමාජ මාධ්‍ය තුළ මේ ගැන විශාල කතාබහක් ඇති වූ බවක් දකින්නට ලැබුනා. පූර්ව ප්‍රචාරක පටයේ දක්නට ලැබෙන නැරඹුම්වාර සංඛ්‍යාවෙන්ම ඒ බව පෙනෙන්නට තිබෙනවා. Busan International Film Festival, Osaka Asian Film Festival ඇතුළු සිනමා උළෙලන් කිහිපයක්ම නියෝජනය කළ මෙය ළඟදීම තිරගත වීමට නියමිතයි.

Related posts

කෝටි 7ක් ගෙවා ප්‍රියංකා චොප්රාගේ නිවස ජැකලින් මිලදී ගනියි

Mohamed Dilsad

2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය

Mohamed Dilsad

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment