දේශීය

පොහොට්ටුවෙන් තරඟ කරන සියලු අපේක්ෂකයන් අරලියගහ මන්දිරය වෙත

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන සියලු පක්ෂවල අපේක්ෂකයින් ඊයේ (17) දිනයේ අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබූ අතර , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාව පැයක පමණ කාලයක් පවත්වා තිබේ.

අදාළ හමුවේදී මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් අපේක්ෂකයින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

අග්‍රාමාත්‍යවරයා එහිදී අපේක්ෂකයන්ට දැනුම් දී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් මැතිවරණ ක්‍රියාවලියෙහි නිරතවීම සහ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශන ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙසටයි.

Related posts

උසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

මහින්ද තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

Mohamed Dilsad

බෙහෙත් මිලදී ගැනිමට ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිළ ගණන් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment