දේශීය

හෙරොයින් ජාවාරමකට වැරදිකරු වූ 60 හැවිරිදි කාන්තාවක් දිවි ඇති තෙක් සිරගෙට

(UTV| කොළඹ) –  හෙරොයින් ජාවාරම් සිද්ධියකට අදාළව වරදකරු වූ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

2013 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

සිද්ධිය වූ වකවානුවේ රිමාන්ඩ් සිරකාරියක්ව සිටි කාන්තාවකට මෙසේ දඬුවම් නියම වී ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරිය ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ මත්කුඩු සන්තකයේ තබා ගනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.

විත්තිකාරිය 60 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාවක් බැවින් ඇයට ලිහිල් දඬුවමක් නිමකර ලෙස ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකාර කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

Related posts

ධීවරයන් මුහුදේ විරෝධතාවක

Mohamed Dilsad

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම පෙර කළ යුතු දේවල් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

Editor O

ඇමති කංචන ට PUCSL සභාපතිගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment