දේශීය

වැලිසර නාවික හමුදා කඳවුර යළිත් විවෘත කිරීමට සූදානම්

(UTV | වැලිසර) –  කොරෝනා ව්‍යාප්තියත් සමඟ නාවික හමුදා සෙබලුන් රැසක් වාර්තා වූ වැලිසර නාවික හමුදා කඳවුර ද නුදුරු දිනෙකදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේය.

නාවික කඳවුර විවෘත කළත් එහි මෙහෙයුම් සහ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සමඟින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කඳවුර විවෘත කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ද අද දිනය වන විට 740 දක්වා ඉහළ ගොස් තිබේ.

තවදුරටත් නාවික හමුදා සාමාජිකයින් 153 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

Editor O

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment