ව්‍යාපාරික

පසුගිය මාස 2 තුළ තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි

(UTV| කොළඹ) – පසුගිය මාස දෙක තුළදී මෙරට තේ සහ ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 584 ක් රටවල් තුනකට අපනයනය කිරීමට රජයට හැකි වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකා තේ මෙට්‍රික්ටොන් 344 ක් තුර්කියට ද , මෙට්‍රික්ටොන් ටොන් 220 ක් ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර ශීත කළ ආහාර මෙට්‍රික්ටොන් 30 ක් ඕමානයට අපනයනය කීරීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

අභියෝගාත්මක තත්ත්වයට පිළියම් ලෙස නව වෙළඳපොළවල් සොයා ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ තේ , රබර් සහ නැවුම් හා සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත්කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බව විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම අපනයන කිරීම් හා නව අපනයන වෙළඳ පොළවල් සකස් කීරීම සඳහා විදේශ සබදතා අමාත්‍යාංශය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ පෞද්ගලික අංශය ශ්‍රී ලංකන් ගුවන් සේවය හා එක්ව සිටියි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහී දී සම්මානයට පාත්‍රවෙයි

Mohamed Dilsad

රුපියලේ විකුණුම් අගය තවදුරටත් පහතට

Mohamed Dilsad

සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් සලසන්න උපදෙස්

Mohamed Dilsad

Leave a Comment