දේශීය

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

(UTV | කොළඹ ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් විසින් ඉකුත් එකොළොස් වන දා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නීති ශිෂ්‍යයකු බව කියන පුද්ගලයා තවදුරටත් ලබන 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අද (15) එම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණේය.

පැමිණිල්ල වෙනුවෙන් සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ප්‍රකාශ කළේය.

අනතුර සිදුවූ ප්‍රදේශයේ සීසීටීවී දර්ශන ලබාගෙන මෙම අනතුර සිදු වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

Related posts

ඇමති දෙන්නයි මන්ත්‍රී කෙනෙකුයි මානව හිමිකම් කොමිසමට

Mohamed Dilsad

පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

සුරාබදු කොමසාරිස්ගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

Mohamed Dilsad

Leave a Comment