දේශීය

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

(UTV | කොළඹ ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් විසින් ඉකුත් එකොළොස් වන දා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නීති ශිෂ්‍යයකු බව කියන පුද්ගලයා තවදුරටත් ලබන 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

අද (15) එම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණේය.

පැමිණිල්ල වෙනුවෙන් සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බව ප්‍රකාශ කළේය.

අනතුර සිදුවූ ප්‍රදේශයේ සීසීටීවී දර්ශන ලබාගෙන මෙම අනතුර සිදු වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

Related posts

IOC සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

Mohamed Dilsad

මාලිමාව පැරදුනු සමුපකාරවල බලය නොදේ | දකුණු පළාත් සමූපකාර කොමසාරිස් කාර්යාලයේ උණුසුම් තත්ත්වයක්

Editor O

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment