දේශීය

ඉන්දියාවේ සිට නාවිකයින් පිරිසක් මෙරටට

(UTV | කොළඹ ) – නෞකා ආරක්ෂණ සමාගමකට අයත් නාවිකයින් 117 දෙනෙකු ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

ඊයේ (10) රාත්‍රියේ මෙම පිරිස ඉන්දියාවේ ගුවන් සේවයකට අයත් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි බව සඳහන් වේ.

ඔවුන් ගුවන්තොටුපලේ දී පී.සී.ආර් පරික්ෂණ සිදු කර නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත යොමු කර ඇත.

මේ ආකාරයට පසුගිය 06 වන දින රාත්‍රියේ ද නාවිකයින් 86 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන විත් තිබේ.

Related posts

සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක්

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය පත් කෙරේ

Mohamed Dilsad

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment