දේශීය

ඉන්දියාවේ සිට නාවිකයින් පිරිසක් මෙරටට

(UTV | කොළඹ ) – නෞකා ආරක්ෂණ සමාගමකට අයත් නාවිකයින් 117 දෙනෙකු ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

ඊයේ (10) රාත්‍රියේ මෙම පිරිස ඉන්දියාවේ ගුවන් සේවයකට අයත් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි බව සඳහන් වේ.

ඔවුන් ගුවන්තොටුපලේ දී පී.සී.ආර් පරික්ෂණ සිදු කර නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත යොමු කර ඇත.

මේ ආකාරයට පසුගිය 06 වන දින රාත්‍රියේ ද නාවිකයින් 86 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන විත් තිබේ.

Related posts

කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

Mohamed Dilsad

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment