දේශීය

තැපෑලට අතිකාල දීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ ) – තැපැල් සේවකයන්ට අතිකාල ලබාදීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එකඟතාව පළ වූ බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

එහෙත් සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල තාවකාලිකව වසා දැමීමේ තීරණයේ වෙනසක් නොමැති බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තැපැල් වෘත්තීය සමිති කියා සිටියේ මෙම තීරණයට පමණක් එකඟතාවය පළ කළ නොහැකි බවයි.

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීමට සහ අතිකාල කපා හැරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, තැපැල්පති රංජිත් ආරියරත්න ඇතුළු නිලධාරීන් සමඟ පෙරේදා සාකච්ඡාවක නිරත වූ අතර එය අවසන් වූයේ විසදුමකින් තොරවයි.

පසුව මෙම ගැටළුව අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට බාර දීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

Editor O

ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව තුළින්ම අභියෝගයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

Leave a Comment