දේශීය

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව වැසේ

(UTV |නුවර එළිය) – නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය අද (04) දිනයේ සිට තාවකාලිකව වසා දැමීමට නානුඔය මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පියවර ගෙන තිබේ.

ඒ එහි ඉංජිනේරුවරයෙකු කොවිඩ් 19 වෛරසය අසාදනය වූ රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනි.

අදාල ඉංජිනේරුවරයාගේ බිරිඳට කොව්ඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරුවීමත් සමඟ සෘජු සම්බන්ධතා පැවැත් වූ සේවකයන් ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු ඔහුන් පදිංචි නිල නිවාසවලම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

දුම්රිය ඉංජිනේරු කාර්යයාල වසා දැමීමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානයේ තාවකාලිකව නතර නොකිරිමට ද දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.

Related posts

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ඉන්ධන බදු ඉවත් කරන්නැයි බලශක්ති ඇමති මුදල් ඇමතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම ගැන ඉඟියක්

Editor O

Leave a Comment