දේශීය

සොයිසාපුර ප්‍රදේශයේ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවේ

(UTV | කොළඹ) – පසුගියදා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ රාත්‍රියේ පිළියන්දල ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් රියදුරු 50 හැවිරිදි එම සොයිසාපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පසුගිය මස 19 වනදා සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම ආපනශාලාවට පැමිණි පිරිසක් එහි බඩු බාහිරාදියට පහරදී තිබූ අතර, පසුව 29 වනදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම ආපනශාලාවට වෙඩි තබා පලාගොස් තිබුණි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ආපනශාලාව ඉදිරිපිට රැදී සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පසුගියදා පියවර ගත්තේය.

Related posts

මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කරයි…

Editor O

කන්දකාඩු සිද්ධිය : ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

Leave a Comment