දේශීය

මහවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදී තරුණයන් 2 ක් මරුට

(UTV | මාතලේ) –  මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

නවතා තිබූ ලොරි රථයකට අධි ධාරිතාවයෙන් යුතු විදුලි රැහැනක් කඩා වැටීමෙන් අනතුර සිදුවිය.

එම අවස්ථාවේ ලොරි රථයේ තිදෙනෙකු සිටි අතර, එක් අයෙකු ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 23 හා 27 වයස්වල පසුවන මහවෙල, සැලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

Mohamed Dilsad

ජාතික සමගිය කාලීන අවශ්‍යතාවයකි

Mohamed Dilsad

චීන ආරක්ෂක අමාත්‍යවරයා අප්‍රේල් 27 දිවයිනට

Mohamed Dilsad

Leave a Comment