ක්‍රීඩා

උමාර් අක්මාල්ගේ අභියාචනය විභාග කිරීමට දින නියම වෙයි

(UTV | පාකිස්තානය) – පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක උමාර් අක්මාල්ට පැනවූ තරඟ තහනමට එරෙහිව ගොනු කළ අභියාචනය ලබන 11 වනදා විභාග කිරීමට තීරණය වී තිබේ.

ඒ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හමුවේයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ සඳහා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට හා උමාර් අක්මාල්ට නොතීසි නිකුත් කර ඇති බවයි.

පසුගිය වසරේ පාකිස්ථාන සුපර්ලීග් තරගාවලිය ආසන්නයේ ඔට්ටු තබන්නන්ගේ ප්‍රවේශයන් පිළිබඳව කරුණු හෙළිදරව් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට වසර 3 ක ක්‍රිකට් තහනමක් පනවනු ලැබුවේය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

ඇන්ජලෝ වෙනුවට සංචිතයට එන්නේ කවුද?

Mohamed Dilsad

මුලිදි නොගත්ත කුසල්ව යළිත් සංචිතයට ගත් හේතුව

Mohamed Dilsad

Leave a Comment