දේශීය

මෙරටට එන සංචාරකයන්ට PCR වාර්තා අනිවාර්ය කෙරේ

(UTV | කොළඹ ) – ලබන අගෝස්තු පළමුවනදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට අවම වශයෙන් රාත්‍රී 5 ක් හෝ මෙරට රැඳී සිටීම අනිවාර්ය කර තිබේ.

මෙරටට පැමිණීමට අවම වශයෙන් පැය 72 කට පෙර සිදුකරන ලද පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමද අනිවාර්ය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම ඔවුන් ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුවද යළිත් පී සී ආර් පරීක්ෂණයක් කිරීමට නියමිතයි.

එහි ප්‍රථිඵල ලැබෙන තුරු කොළඹ හෝ මීගමුවේ තරු පංතියේ හෝටලයක එක් දිනයක් සංචාරකයන් නවාතැන් ගැන්වෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේය.

අගෝස්තු පළමුවනදායින් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් මිස නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමක් සිදු නොවන බව අදාළ නිවේදනයේ දක්වා ඇත.

කෙසේවෙතත් දින 10 ක් හෝ ඊට වැඩි කාලයක් රැඳී සිටීමට අපේක්ෂා කරන සංචාරකයන්ට පී සී ආර් පරීක්ෂණ 03 කට මුහුණදීමට සිදුවනු ඇත.

අගෝස්තු පළමුවනදා සිට කටුනායක, රත්මලාන සහ මත්තල යන ගුවන් තොටුපළ 3 ම මෙන්ම සියලු සංචාරක නැරඹුම් ස්ථානද විවෘතව පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය

Mohamed Dilsad

Leave a Comment