දේශීය

මෙරටට පැමිණෙන සියලු තානාපති නිලධාරීන්ට PCR වාර්තාව අනිවාර්ය කරයි

(UTV| කොවිඩ් 19) –  ‍මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සියලු රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙරටට පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තා දීම අනිවාර්ය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනය කරයි.

එසේ නැතිනම් ඔවුන් රටට පැමිණි පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අනිවාර්ය PCR පරීක්ෂණයකට යොමු කරන බව එම නිවේදනයේ සඳහන්.

එසේම, කොළඹ සිටින තානාපති අංශ නිළධාරින් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන PCR පරීක්ෂණ ක්‍රමවේදය සහ නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යාවත්කාලීන උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

එය සියලු තානාපති කාර්යාල , මහ කොමසාරිස් කාර්යාල, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය , ජාත්‍යන්තර සංවිධාන සහ කොන්සල් කාර්යාල වෙත යොමුකල බව විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම උපදෙස් මාලාවට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන හෝ නැවත පැමිණෙන සියලු රාජ්‍ය තාන්ත්‍රික සේවකයන් සම්බන්ධයෙන් අදාළ තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් පූර්ව දැනුවත් කිරීමක් සිදුකර විදේශ අමාත්‍යංශයෙන් අනුමැතිය ලබාගත යුතු වෙයි.

Related posts

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ සිදුවීම් රැසක් – පැෆරල්

Editor O

ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පරීක්ෂාවකින් තොරව කන්ටේනර් මුදාහැරීම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

Leave a Comment