ක්‍රීඩා

කොදෙව් – එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග කාලසටහන ප්‍රකාශයට

(UTV | එංගලන්තය) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ටෙස්ට් තරඟ මාලාවේ කාලසටහන එංගලන්තය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන මස 8 වනදා සවුතැම්ප්ටන් හිදි ආරම්භ වීමට නියමිත අතර දෙවන හා තුන් වන ටෙස්ට් තරඟ දෙක මැන්චෙස්ටර් හිදි පැවැත්වෙයි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ කිසිදු තරඟයකට නරඹන්නක් ගෙන්වීමට පියවර නොගන්නා බවයි.

කොදෙව් පිල ලබන 9 වනදා එංගලන්තයට ළඟා වන අතර එතැන් සිට ඔවුන් සති තුනක කාලයක් නිරෝධායන නීති අනුව පුහුණු වීමට නියමිතයි.

අනතුරුව ටෙස්ට් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන අසල පිහිටි හෝටල් වෙත ඔවුන් යොමු කෙරේ.

කොරෝනා වසංගතයෙන් පසුව පැවැත්වෙන පළමු ටෙසට් ක්‍රිකට් තරඟමාලාවද මෙය වේ.

Related posts

පළමු අවසන් පුර්ව තරගයේ ජය ප්‍රංශයට

Mohamed Dilsad

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ලකුණු 392 යි

Mohamed Dilsad

Leave a Comment