ක්‍රීඩා

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

(උදයම්,ඉන්දියාව)  –  විස්සයි20 තරගයකදි ත්‍රිත්ව ශතයක් වාර්තා කිරීමට ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමත් විය.

විස්සයි20 තරගයකදි ත්‍රිත්ව ශතයක් වාර්තා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසගත වේ.

ඉන්දියාවේ පැවැති ෆ්‍රෙන්ඩ්ස් ප්‍රිමියර් ලීග පන්දුවාර විස්ස තරගයකදී ඔහු පන්දු 72කදී ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කර ඇත.

21 හැවිරිදි ඔහු නමින් මෝහිත් අලවට් වේ.

ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව මාවි කණ්ඩායම වෙනුවෙන් මෝහිත් මෙම දක්ෂතාව දක්වා ඇත.

එහිදී ඔහුගේ ඉනිමට හයේ පහර 39ක් හා හතරේ පහර 14ක් ඇතුළත් විය.

මෝහිත් නොදැවී ලකුණු 300ක් රැස්කර ඇති අතර මාවි කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 416ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ කඩුලු දෙකක් පමණක් දැවී තිබියදීය.

වෘත්තීමය විස්සයි20 ක්‍රිකට් තරග වලදී ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස ක්‍රිස් ගේල් ඉතිහාසයට එක්ව සිටින අතර ඔහු  රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 175කි.

 

[ot-video][/ot-video]

Related posts

අක්මාල්ගේ අභියාචනව ස්වාධීන තීරකවරයෙකු යටතේ විභාග කරයි

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අද

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් නේපාලයට

Mohamed Dilsad

Leave a Comment