දේශීය

මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට

(UTV | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුව ද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස්වු අතර එහිදී සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණය

Editor O

වැඩ බලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කරයි.

Editor O

මාස 06කට පසු ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියල් 300 ඉක්මවයි.

Editor O

Leave a Comment