දේශීය

මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට

(UTV | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුව ද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස්වු අතර එහිදී සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

නව රජයේ කැබිනට් මණ්ඩලය පත් වෙයි [UPDATE]

Mohamed Dilsad

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබාදීමට තීරණයක්

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

Mohamed Dilsad

Leave a Comment