දේශීය

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද සිට PCR පරීක්ෂාවට

(UTV | කොළඹ) – දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද (01) සිට පි.සී.ආර් පරීක්ෂාව ලක්කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු කියා සිටියේ එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලූ දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බවයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ඇමතිවරයා මෙහි දී සඳහන් කළේය.

ලබන අගෝස්තු මස මුල සිට සංචාරකයින් සඳහා කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී පි.සී.ආර් පරීක්ෂාවට ලක්කර නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

”මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ”පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණවලින් 81 ක්ම කොළඹින්

Mohamed Dilsad

හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධය

Mohamed Dilsad

Leave a Comment