දේශීය

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද සිට PCR පරීක්ෂාවට

(UTV | කොළඹ) – දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද (01) සිට පි.සී.ආර් පරීක්ෂාව ලක්කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු කියා සිටියේ එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලූ දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බවයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ඇමතිවරයා මෙහි දී සඳහන් කළේය.

ලබන අගෝස්තු මස මුල සිට සංචාරකයින් සඳහා කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපල විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී පි.සී.ආර් පරීක්ෂාවට ලක්කර නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related posts

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක රිය අනතුරකින් කරාපිටිය රෝහලට

Mohamed Dilsad

සිරිපාලගේ ”අත” ගෑස් සිලින්ඩරයට

Editor O

බූස්ස බන්ධනාගාරය තුළට ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment