විදෙස්

ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන 6,200,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) –  ලොව පුරා කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මේ වන විට 6,200,000 ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,075,000 අධිකයි.

වරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එය 38,489 කි.

ඊයේ (31) දිනයේදී වෛරසය පැතිරයාම ආරම්භ වූ චීනයෙන් අලුතින් හඳුනාගැනුනේ ආසාදිතයන් දෙදෙනකු පමණක් වීම විශේෂත්වයකි.

දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයන් 8,782 ක් හඳුනා ගැනුණි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 5,408 කි.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

Mohamed Dilsad

රියදුරන් නොමැති කුලී රථ සේවයක්

Mohamed Dilsad

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි ජනතා විරෝධය ඉහළට

Mohamed Dilsad

Leave a Comment