දේශීය

සයිබර් ප්‍රහාරයේදී දත්ත සොරා ගැනීමක් සිදුවී නොමැත

(UTV | කොළඹ) – මෙරට සයිබර් ප්‍රහාර උත්සාහයේදී දත්ත සොරා ගැනීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් මෙරට වෙබ් අඩවි 2 ක් අක්‍රීය කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් තහවුරු කර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා ප්‍රකාශ කළේ මෙම ක්‍රියාකාරීන්ගේ අවසාන පරමාර්ථය වන්නේ අවධානය දිනා ගැනීම සහ මතවාදයන් පැතිරවීම බවයි.

මෙහිදී සිදුව තිබෙන්නේ වෙබ් අඩවියක් “විකෘති කිරීම” එනම් ප්‍රහාරකයා විසින් වෙබ් පිටුවෙහි හෝ වෙබ් අඩවියේ දෘශ්‍ය පෙනුම වෙනස් කිරීම බව ඔහු කියා සිටියේය.

මෙම සිදුවීම පෙරවරු 6.38 ට අනාවරණය වී ඇති අතර පෙරවරු 7.30 වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවන් විසින් වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව ලාල් ඩයස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්

Mohamed Dilsad

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ යූටියුබ් පැමිණිලි නැහැ

Mohamed Dilsad

Leave a Comment