විදෙස්

ඇමෙරිකානු සෙනට් මණ්ඩලය රුසියානු සයිබර් ප්‍රහාරය ගැන පරීක්ෂණ අරඹයි

(උදයම්,ඇමෙරිකා ) – 2016  වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා රුසියානු සයිබර් ප්‍රහාරවලින් බලපෑමක් ඇතිවී ද යන්න පිළිබදව ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ බුද්ධි කමිටුව මගින් පරීක්ෂණයක් ආරම්භ කරයි.

එම කමිටුවට ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන ප්‍රධාන පක්ෂ දෙකේම සාමාජිකයන් ඇතුළත් බව විදෙස් වාර්තා වල දැක්වේ.

විශේෂයෙන් ජනාධිපතිවරණ සමයේ රුසියාව සහ ඇමරිකානු දේශපාලන යාන්ත්‍රණය අතර කිසියම් සන්නිවේදනයක් ඇති වූයේ ද යන්න පිළිබඳව සොයා බැලීමට නියමිතය.

නමුත් රුසියානු සයිබර් ප්‍රහාර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති නොකළ බව  ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය .

කෙසේ නමුත්, රුසියානු සයිබර් ප්‍රහාර පිළිබදව මෙම පරීක්ෂණ වාර්තාව දින 90ක් තුල ඉදිරිපත්  කිරීමට නියමිතයි.

Related posts

ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයා ඉක්මන් මැතිවරනයක් කැඳවයි.

Mohamed Dilsad

බලවතුන් තිදෙනෙකුගේ එක්වීමක්

Mohamed Dilsad

ඇමරිකාවත් රුසියාවත් ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment