දේශීය

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අය

(UTV | කෝවිඩ්-19) – කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් තවත් 92 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (27) දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 97 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඉන් 05 දෙනෙකු චෙන්නායි හි සිට මෙරටට පැමිණි කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසකි.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගැණුනු සෙසු ආසාදිතයින් නාවික හමුදා සාමාජිකයින් බවත් එම සංඛ්‍යාව 53 වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇඳිරි නීතිය නොතැකූ 1589ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්

Mohamed Dilsad

Leave a Comment