විදෙස්

නවසීලන්තයේ කොරෝනා රෝගීන් සියල්ලන්ම සුවය ලබයි

(UTV | නවසීලන්තය) – නවසීලන්තයේ කොරෝනා වෛරසය ආසාදිත සියලු රෝගීන් මේ වන විට සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල්ගතව සිටි අවසන් රෝගියා ද පූර්ණ සුවය ලබා ඊයේ (26) රෝහලෙන් පිටව ගිය බවයි.

නවසීලන්තයේ කොරෝනා වෛරස ආසාදිතයින් 1500 ක පිරිසක් වාර්තා වූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 21 ක්  බව සඳහන්.

කොරෝනා වසංගත ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස සැලකෙන නවසීලන්තයේ ගත වූ දින 5 තුළ එරටින් කිසිදු  නව ආසාදිතයෙකු හදුනාගෙන නොමැත.

Related posts

පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

Mohamed Dilsad

පකිස්තානයේ කරච්චි නුවර සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment