දේශීය

අද සිට හෝටල් හා අවන්හල් පවත්වාගෙන යාමට අවසර

(UTV | කොළඹ) – සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා අද (26) සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිව තිබේ.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

ඔහු  සඳහන් කළේ අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවයි.

මිට අමතරව,  දිවයිනේ සියලු බේකරි අද විවෘත කිරීමට සූදානම් කර තිබුණද ඒවායේ සේවක හිගය හේතුවෙන් ගැටලු කිහිපයක් උද්ගතව ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ,කාන්තාව යළි රිමාන්ඩ්

Editor O

කොළඹ නගරය, කොට්ටාව, පිළියන්දල, නුගේගොඩ අද (18) විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

අද දවසේ තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

Mohamed Dilsad

Leave a Comment