විදෙස්

කොරෝනා ප්‍රතිකාර සඳහා හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම අත්හිටුවයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසට ප්‍රතිකාර ඖෂධයක් ලෙස මැලේරියා ඖෂධ හෙවත් හයිඩ්රොක්සික්ලෝරීන් නමැති ඖෂධය අත්හදා බැලීම් කටයුතු අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් ඊයේ (25) මේ බව දැනුම්දී ඇති බවයි.

රටවල් කිහිපයක සිදු කළ අධ්‍යයනය පසුව එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් ඖෂධය සුදුසු බවට මේ වන තෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි.

මැලේරියා ඖෂධ ලබා ගත් කොරෝනා රෝගීන් අතර මරණ අනුපාතය තරමක් ඉහළ මට්ටමක පවතින බව අධ්‍යයනයේදි හෙළි වී ඇති අතර ඊට සෘජුවම අදාල ඖෂධය සම්බන්ධ යැයි මෙතෙක් තහවුරු වි නොමැත.

මෙම තත්වය යටතේ තාවකාලික පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එම තීරණය ගෙන තිබේ.

Related posts

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්

Editor O

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

අගමැති මෝදිගේ ජනප්‍රියත්වය උරගා බැලෙන ප්‍රාන්ත 05 ක මැතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment