දේශීය

පළමු වතාවට මත්තල ගුවන්තොටුපලින් කොරියාවේ රැකියා සඳහා පිටත් වෙයි

(UTV| මත්තල) –  කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කර තිබු විදේශ රැකියා සදහා පිටත්විම නැවත ආරම්භ කරමින් කොරියා රැකියාලාභීන් ප්‍රථම වරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මියන්මාර් ගුවන් සේවයට අයත් යානයකින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්විම හෙට (26) සිදුකෙරෙනු ඇත.   

මෙහිදි රැකියාලාභීන් 160 දෙනකු පිටත්විමට නියමිත අතර, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවේ සෝල් නුවර බලා පිටත්වන පළමු ගුවන් යානය මෙය වන බැවින් එය ඉතිහාසයට එක්වේ.

මේ අවස්ථාවට සභාපති-විදේශ සේවා නියුක්ති කාර්යාංශය කමල් රත්වත්තේ මහතා, නේවාසික අධ්‍යක්ෂ – කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය කිම් වොන් සොක් (Kim Won Seok) මහතා සහභාගී වීමට නියමිතය.

Related posts

පොත්වල PDF අනවසරෙන් මුදාහරින ජාවාරමක්

Mohamed Dilsad

කතරගම දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්

Mohamed Dilsad

උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment