දේශීය

මෙවර පොසොන් පොහොය නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – මෙවර පොසොන් පොහොය දිනයේ ද නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධස්ථානවල සිට මාධ්‍ය ආයතන මඟින් සජීවි ආවරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

එම නිසා වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටුකළ ආකාරයෙන් මෙවර පොසොන් පොහොය දිනයේ ද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Related posts

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව : නැවත කැඳවීම මාර්තු 09

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

Editor O

Leave a Comment