දේශීය

මෙරටට එවීමට සුදානම් කර තිබු මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවෙන් අල්ලයි

(UTV | කොළඹ ) – තමිල්නාඩුවේ, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවට එවීමට සුදානම් කර තිබු රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 30ක්, යතුරුපැදි දෙකක් සහ මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කොට තිබු බෝට්ටුවද සිය භාරයට ගැනීමට ඉන්දියානු පොලිසිය සමත්ව තිබේ.

කොවිඩ් – 19 වසංගතය හමුවේ ඉන්දියාව තුළ ඇඳිරි නීතිය පවතින වාතාවරණයක සැකකරුවන් පොලිසියට සාවද්‍ය තොරතුරු සපයා ඇඳිරි නීති බලපත්‍රයක් ද ලබා ගෙන ඇති බවටයි කරුණු හෙළිව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රවය අතර අයිස්, හෙරොයින්, වර්ග රැසක් තිබී ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 5 ත් 7 ත් අතර වන බව එරට පොලිසිය සඳහන් කළේය.

මෙම මෙහෙයුම සඳහා විශේෂ විමර්ශන නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායම් 08 ක් එක්ව සිටි බවයි ඉන්දීය වාර්තා කියාසිටියේය.

Related posts

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

Mohamed Dilsad

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පෞද්ගලික අංශයේ වැටුප් පිළිබඳ කැබිනට් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment