දේශීය

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

(UTV | කොළඹ) -හෙට (22) පස්වරුවේ කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා සඳහන් කරයි.

මේ අනුව හෙට පස්වරු 3.35 ට කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර නගරාන්තර දුම්රිය ද , මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට බෙලිඅත්ත නගරාන්තර දුම්රිය ද ධාවනය කෙරෙනු ඇත.

දැනට කාර්යාල සේවක සේවිකාවන් සදහා මහනුවර සහ බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන දුම්රිය දෙකට අමතරව මෙම නගරාන්තර දුම්රිය දෙක ධාවනයට යොදවා ඇත.

Related posts

අගමැති සහ සුමන්තිරන් අතර හමුවක්

Mohamed Dilsad

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

අගමැති ආචාර්යය හරිනි අමරසූරියට විරුද්ධව මහාචාර්යවරයෙක් උසාවි යයි

Editor O

Leave a Comment