දේශීය

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

(UTV | කොළඹ) -හෙට (22) පස්වරුවේ කොළඹ මහනුවර සහ බෙලිඅත්ත දක්වා නගරාන්තර දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා සඳහන් කරයි.

මේ අනුව හෙට පස්වරු 3.35 ට කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර නගරාන්තර දුම්රිය ද , මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.40 ට බෙලිඅත්ත නගරාන්තර දුම්රිය ද ධාවනය කෙරෙනු ඇත.

දැනට කාර්යාල සේවක සේවිකාවන් සදහා මහනුවර සහ බෙලිඅත්ත දක්වා ධාවනය කෙරෙන දුම්රිය දෙකට අමතරව මෙම නගරාන්තර දුම්රිය දෙක ධාවනයට යොදවා ඇත.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

ඔබේ දරුවා ගැනත් සැලකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment