දේශීය

ජනපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට සිට යළි ඇරඹේ

(UTV | කොළඹ)  – දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට (20) පෙරවරු 09.30 සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

එහි කටයුතු කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාර්තු මස 13 වනදා සිට අත්හිටුවනු ලැබුවේය.

මෙහිදී වැඩ තහනමට ලක්ව සිටින සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කොමිසම හමුවේ පෙනි සිටීමට නියමිතයි.

සබරගමුව පළාත් සභා හිටපු අමාත්‍යවරියක් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව තමාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් අතර එය දේශපාලන පලිගැනීමක් මත සිදුවූවක් බව පවසමින් ලලිත් ජයසිංහ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මේ වන විට එම කොමිසම හමුවේ පැමිණිලි 5 ක් විභාග වන අතර තවත් පැමිණිලි 63 ක මූලික විමර්ශන කටයුතු එහි පොලිස් ඒකකය මගින් සිදු කරනු ලබයි.

Related posts

ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්යය මණ්ඩල තොරතුරු දෙන්න බැහැ – ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජේ.පී.එච්.එම් කුමාරසිංහ

Editor O

ජනාධිපතිතුමාගෙන් බැංකු ක්ෂේත්‍රයට ඉල්ලීමක්

Mohamed Dilsad

නුගේගොඩ රැළියට විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment