දේශීය

මහමැතිවරණයට අදාළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද

(UTV | කොළඹ ) – ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද (19) සිදුකෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලූවිහාරේ , සිසිර ද ආබෲ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය සිදු කිරීමට නියමිතයි.

අද පෙරවරු 10 ට පෙත්සම් වැඩිදුර සළකා බැලීම ආරම්භ වේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මෙම පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කර තිබෙන අතර නීතීඥ චරිත ගුණරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්. ඒ සුමන්දිරන් ඊයේ දිනයේදී වාචික දේශන ඉදිරිපත් කළේය

අද දිනයේදී අනෙකුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් වාචික දේශන පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලමිනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර ඇත.

Related posts

ඇවන්ට්ගාඩ් නඩු විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

Mohamed Dilsad

පොම්පියෝ රටට ආ මොහොතේ චීනය තැබූ ට්විටර් සටහන

Mohamed Dilsad

Leave a Comment