දේශීය

මහමැතිවරණයට අදාළ පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද

(UTV | කොළඹ ) – ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම නිකුත් කල ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද (19) සිදුකෙරේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලූවිහාරේ , සිසිර ද ආබෲ , ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය සිදු කිරීමට නියමිතයි.

අද පෙරවරු 10 ට පෙත්සම් වැඩිදුර සළකා බැලීම ආරම්භ වේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මෙම පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කර තිබෙන අතර නීතීඥ චරිත ගුණරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්. ඒ සුමන්දිරන් ඊයේ දිනයේදී වාචික දේශන ඉදිරිපත් කළේය

අද දිනයේදී අනෙකුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් වාචික දේශන පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලමිනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර ඇත.

Related posts

මේ වසරේ ගතවූ මාස 05ට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක්

Editor O

2023 අයවැය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ලබන 29 වනදා සිට කතෝලික පාසල් ඇරඹීමටත් පියවර

Mohamed Dilsad

Leave a Comment