දේශීය

අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට අවධානය

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා සීමාවන් සහිතව පවතින අන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ‍ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකාය හෙට (19) රැස්වීමට නියමිතව ඇති බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සීමා කරන ලද පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වා ගෙන යාම සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය සතියේ ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබීය.

Related posts

ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක්

Editor O

කොරෝනා ආසාදිතයින් 344කට සුවයි

Mohamed Dilsad

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment