දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගැනීමට දින නියම වෙයි [RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා ලබන බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින 3 ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලූ පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටියි.

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලූ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද මෙහිදී අනුගමනය කල යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්ව, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවයි.

Related posts

විපක්ෂ නායක ධූරය වෙනස් වෙනවාද …? – මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය නත්තලේ පණිවුඩයයි

Mohamed Dilsad

Leave a Comment