දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

(UTV | කොළඹ)  – පවතින අයහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කළුතර, කෑගල්ල, කොළඹ, නුවරඑළිය, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක නායයෑමේ අවදානම් පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නායයෑමේ ලක්ෂණ සහිත ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

කෙසේවෙතත් ඊයේ (17) දිනයට සාපේක්ෂව වර්ෂා තත්ත්වයේ අඩුවක් පැවති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ දිවයින වටා මුහුදු ප්‍රදේශද රළු විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසට උපදෙස් දී ඇති බවයි.

Related posts

කොරෝනා වෛරසය පාලනය කිරීමට ගෙන ඇති පියවර තවදුරටත්

Mohamed Dilsad

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට පියවර

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පැය පහක ප්‍රකාශයක්

Editor O

Leave a Comment