දේශීය

විදෙස් තැපැල් සේවාව අද සිට යළි අරඹයි

(UTV | කොළඹ) – තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා පමණක් විදෙස් තැපැල් සේවාව අද (15) සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව හොංකොං, චීනය,  ඕස්ටෙ‍්‍රලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංප්පූරුව, කටාර් ජර්මනිය සහ ඉන්දියාව සඳහා විදෙස් තැපැල් සේවාව ක‍්‍රියාත්මකයි.

තැපැල්පතිවරයා කියා සිටියේ එකී ගමනාන්තයන්ට ගුවන් මගින් හා මුහුදු මගින් තැපැල් භාණ්ඩ හා ලිපි ගෙන යාම ආරම්භ වූ අතර ඉදිරියේ දී ක‍්‍රමානුකූලව අනෙක් රටවල් සඳහා ද ලිපි හා තැපැල් භාණ්ඩ ගෙනයාම ආරම්භ කරන බවයි.

කොවිඩ් – 19 වසංගතයේ පැතිරයාමත් සමඟ ගුවන් ගමන් නතර වීම නිසා විදෙස් තැපැල් සේවාව නතර කර දැමුවේය.

Related posts

ගම්පහට පැය 12ක් ජලය නැහැ

Mohamed Dilsad

අද දිනයේදීත් විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා අතිරේක විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment