දේශීය

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයටත් ගමන් කිරීමට පහසුකම්

(UTV | කොළඹ) –  රැකියා කරන ස්ථානයේ අනන්‍යතාවය සහිත දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති සේවක සේවිකාවන්ට දුම්රියේ ඇති ඉඩකඩ අනුව ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල ඉල්ලීම් මත ආසන වෙන් කරන ලද සේවක සේවිකාවන්ට අමතරව මෙසේ ගමන් කිරීමට අවසර ලැබෙන්නේ මුලින් පැමිණෙන පිරිස් සදහා බව ද ඔහු පැවසීය.

අද දිනයේ පිට පළාත්වල සිට කොළඹට ධාවනය වූ දුම්රිය 10 ක මගීන් 2776 දෙනෙකු පැමිණ ඇතැයි ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ, දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍ර ඉල්ලා 11,500කට අධික පිරිසක් මේ වනවිට අයදුම්කර ඇති බවයි.

Related posts

වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment