දේශීය

ඉන්දීය මහ කොමසාරිස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර භාරදෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

අන්තර්ජාලය හරහා වීඩියෝ සම්මන්ත්‍රණයක් මඟින් සිදු කළ මෙම අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි.

කොවිඩ් 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවනතෙක් අක්තපත්‍ර ප්‍රදාන උළෙල කල් දමනවා වෙනුවට කලින් සූදානම් කළ පරිදි පවත්වන ලෙස රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දී තිබිණි.

මෙය දැනට උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගත වී ඇති නව ක්‍රමවේදවලින් එකකි.

අද පැවති කෙටි උත්සවයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කැමරාව ඉදිරියේ  සිය අක්තපත්‍ර ජනාධිපතිතුමාට භාරදුන් අතර පසුව ජනාධිපතිතුමා විසින් ඔවුන් පිළිගනු ලැබීය.

Related posts

තීරණයක් ලැබෙන තුරු රංජන්ට පාර්ලිමේන්තුව තහනම්

Mohamed Dilsad

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 50,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment