දේශීය

බස්නාහිර පළාත තුළ සිරවී සිටි තවත් 2,000 ක් නිවෙස් වෙත

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිරවී සිටි පුද්ගලයින් 2,000 ක් ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමේ පස්වැනි අදියර අද (13) ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් යුතුව සිදුවන මෙම වැඩසටහනට අනුව, ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ රැඳි සිටි මෙම පිරිස දිස්ත්‍රික්ක 24 කට පිටත්කර යැවූ බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

ළමුන්, ගැබිණී මවුවරුන් මෙන්ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සහ දීර්ඝ කාලීන රෝගීන් මෙලෙස පිටත් කර යැවෙන්නේ මූලික වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි.

ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මානුෂික ක ක්‍රියාවක් ලෙසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

Related posts

පොල් ගෙඩිය 260 නොවේ, 360 වුණත් කමක් නෑ කියා සිතනවානම්, මාලිමාවට කතිරය ගහන්න – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

Editor O

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

Mohamed Dilsad

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

Mohamed Dilsad

Leave a Comment