දේශීය

ලියාපදිංචි සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්

(UTV | කොළඹ) – සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර තිබේ.

ඒ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය මෙම තීරණයට එළඹ ඇත.

ඒ අනුව දැනටමත් අදාළ ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන අතර, මේ වසර සඳහා තවමත් ලියාපදිංචිය අලූත් කර නොමැති පුද්ගලයින් හා ආයතනවලට ගාස්තු ගෙවීමකින් තොරව ලියාපදිංචිය අලූත්කර ගැනීමට හැකියාව පවති.

සංචාරක ක්ශේත්‍රයේ නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන 2700 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති අතර සංචාරක මග පෙන්වන්නන්ගේ ඇතුළු සංචාරක ක්ශේත්‍රයේ විවිධ සේවා සපයන පුද්ගලයින් 5400 ක් පමණ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිචි වී ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ශේත්‍රයේ නියුතුවුවන්ට සහන සැලසීමේ කෙටි කාලීන වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස මෙම තීරණයට එළඹ තිබේ.

Related posts

‘යතුරුපැදි සවාරිය කොන්දේසි කඩලා’ – පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 2 ක ග්‍රාම නිලධාරී වසම් 7 ක් හුදෙකලා බවින් නිදහස්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment