දේශීයප්‍රමුඛ පුවත 1

රාජිතට ඇප දෙමින් දුන් නියෝගය මහාධිකරණය බල රහිත කරයි

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය දෝශ සහිත බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දු කළේය.

ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙසටද කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට නියම කළේය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගනු ලැබුවේය.

සැකකරුට ඇප ප්‍රදානය කිරීමේදී පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිවක් සැලකිල්ලට ලක් නොකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප නියම කර ඇති බව නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සමක් ගොණු කරමින් පෙන්වා දී තිබුණේය.

සැකකරුගේ වෛද්‍ය වාර්තා නිසි පරිදි කැඳවා විමර්ශනයක් සිදුකිරීමට මහේස්ත්‍රාත්වරිය අපොහොසත් වූ බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබිණි.

Related posts

තෙල් මිලෙහි වෙනසක් සිදු නොවේ

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment