දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද දිනයේදී (26) පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු පාර්ශව කිහිපයක් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් ආරම්භ කිරිම සඳහා වු සැලැස්මක් සකස් කිරිම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලූම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේය.

එහිදී දින නියම කෙරුණේ මැයි 11 වනදා පාසල් නැවත විවෘත කිරීමට වුවද තවමත් පාසල් නැවතත් විවෘත කරන දිනයක් මේ දක්වා තීරණය නොමැත.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත පාසල් නැවත විවෘත කිරීම සඳහා අවශ්‍ය මුලික සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය කියාසිටියි.

දැනට මූලික සැළසුම වී ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පළමු අධියරේදී අධ්‍යාපන කටයුතු සඳහා ගෙන්වීමයි.

Related posts

පුල්මුඩේ මාරක ගැටුමක් – 2ක් මරුට

Mohamed Dilsad

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

විදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment