දේශීය

පෞද්ගලික බස්රථ හිමියන්ට කෝටි 700 කට ආසන්න පාඩුවක්

(UTV| කොළඹ) – ඇඳිරි නීතිය පැනවීමත් සමග පෞද්ගලික බස් ධාවනය නැවතුණු මාර්තු 20 වැනිදා සිට මේ දක්වා බස්රථ හිමියන්ට රුපියල් කෝටි 700 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සම්බන්ධව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යවරයා හා පෞද්ගලික බස් හිමියන් අතර එම අමාත්‍යංශයේ දී හෙට (12) පෙරවරු 10 ට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

දැනට කඩාවැටීමකට ලක්වී ඇති පෞද්ගලික බස් ධාවන ව්‍යාපාරය යළි පණ ගැන්වීම කෙරෙහි එහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

මාසයකට අධික කාලයක් තිස්සේ බස් රථ එකතැන ගාල් කර තැබීම නිසා බස්රථවල දෝෂ ඇතිවී ඇතැයි බොහෝ බස්රථ හිමියන් මැසිවිලි නගන බවත් ඒවා සකසා ගැනීම ගැන මෙන්ම ඉන්ධන සහනාධාරයක් පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රණවිරුවන් 14,617 කගේ නිලයන් උසස් කිරීමට පියවර

Mohamed Dilsad

මගී බස්රථ හිමියන්ට රජයෙන් සහනයක්

Mohamed Dilsad

නව වන පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment